ප්‍රේමය පුද දී අවසානයි





ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බෝමයි
නොලබන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න

පරාජයේ දුක මට පුරුදුයි
සෑනසුම නුබ වාගේම ඈතයී
තහනම් සෙවනේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න

එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්..//
මා වෙනුවෙන් නොහොඩන්න
ජීවිතයට ඉඩ දෙන්න
ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බෑ දෙන්න

ප්‍රේමය පුද දී අවසානයි...

අදරයක් තියනවා නම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම්
මට නොපෙනී පිට වෙන්න
නොහදුන කෙනෙකුන් වෙන්න
ගත ගෙනයන්නම් දුරට
සිත නම් බෑ ගෙන යන්න

ප්‍රේමය පුද දී අවසානයි...

පරාජයේ දුක මට පුරුදුයි
සෑනසුම නුබ වාගේම ඈතයී
තහනම් සෙවනේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න


Monday, December 27, 2010 at 8:44 PM

0 Comments to "ප්‍රේමය පුද දී අවසානයි"

Post a Comment