සෑදී රන් අඹරනින්

I Miss U Havi 

සෑදී රන් අඹරනින්
රිදී සළුපිලි දරා..
නෑගී රිය පෙරහරින්
පෑතු පෙම් ලොව දවා..
  
මනාලීය වී ලදේ
ගියත් ඔබ ඔහු කරා.. 
මගේ හදවත ඔබෙයි
මගේ දිවි ඈති තුරා..

අදින් පසු සිත ඔබේ
අහිමි වන බව දනිම්..
යලිදු අප දිවිතුරා
නෝන බව යලි දනිම්..//

සෑදී රන් අඹරනින්
රිදී සළුපිලි දරා..
නෑගී රිය පෙරහරින්
පෑතු පෙම් ලොව දවා

ඔබෙන් ලද සෙනෙහසේ
සුවය නිති විදින්නම්..
සසර මතු භවෙක හෝ
සුරත ඔබේ පතන්නම්..//

සෑදී රන් අඹරනින්…
රිදී සළුපිලි දරා.. 
නෑගී රිය පෙරහරින්
පෑතු පෙම් ලොව දවා..

මනාලීය වී ලදේ...



මට බෑ ඔයාව නවත්වන්න..
ඔයා දන්නවා..
මේ පුංචි හදවතේ
ඔයා වෙනුවෙන් ආදරේ පිරිලා කියලා...
යනකොට යන්න ඔයා ඒ ආදරෙත් අරගෙනම
සෙමින් සෙමින් මගේ ජීවිතේට ආව
මගේ ආදරේට අරුතක් දුන්නු
ගොඩක් කල් මගේ ළගින් උන්නු
ඔයා..
දැන් යනවා මටත් නොකියම සදහටම මගේ ළගින්...
යන්න මගේ ඒ ආදරයත් අරගෙනම..
අරගෙන යන්න මගේ ළගින්..

ඔයා ගියාම මේ හැමදෙයක්ම මට
දුකක් වේදනාවක්ම විතරයි..
යන තැනක සතුටින් ඉන්න..
පුළුවන් නම් ඔය හිතේ
මට පුංචි ඉඩක් වෙන්කරලා තියන්න
මගේ හාවී
..

තෙරුවන් සරණයි ඔයාට..!!!!












Wednesday, December 5, 2012 at 3:04 AM , 0 Comments