හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න

I Miss U Havi


හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න 
ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කොහොම
සුළඟ වගේ මා අතහැර දුරක යන්නට 
වරද මගේ රත්තරනේ කියලා දෙන්න 

කඳුලක් ගානේ පෙම දිය කරලා 
සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා 
ආදරේ කියා දුන්න ආදරී ඔයා 

දැවුනත් තැවුනත් මියගිය පෙම සිහි කරලා
සුවඳක්වත් නෑ මතකයේ අද නම් රැඳිලා 
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා 
ජීවිතේ කියා දුන්න ආදරී ඔයා

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න 
ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කොහොම
සුළඟ වගේ මා අතහැර දුරක යන්නට 
වරද මගේ රත්තරනේ කියලා දෙන්න  

පුංචිම දේත් දරාගන්න බැරි තරම්  
බොළද වෙන්නෙ ආදරේ වැඩිකමට මිසක්  
ආදරේ අදුනන්නැතිකමට නෙමෙයි...  

එකින් එක ආදරේ ගෙත්තම් කරපු ඔයාව  
මම මටත් වඩා විස්වාස කරනවා..  
ඒ මගෙ ආදරේ...  

හිත කොච්චර රිදුණත්
ආයෙමත් ඒ හිතම ඔයාවමයි හොයන්නේ  
අනේ මේ තරම් ආදරයක් මම පරිස්සම් කරන්නේ  
ඔයා වෙනුවෙන්...  
විතරමයි....

Saturday, November 17, 2012 at 6:30 AM , 0 Comments