පෙනෙන නොපෙනෙන දුරක් ඉදන්

I Miss U Havi

පෙනෙන නොපෙනෙන දුරක් ඉදන්
නුඹ ඈවිත් හිට ලගට හොරෙන්
ආවාට නොකියාම ජීවීතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

දකින හිමිවෙන හීනේ නුඹ කොතෑන හිටියා
මතක සෑමරුම් අතරේ ජීවිතේ තිබුනා
හඩන හින්හෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
ඈත්තමයි නුඹ අහසක් වගෙමයි හිතුනා

නුහුරු නුපුරුදු හීන අරන්
ලගට ඈවිදින් තුරුලු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

මිරිගුවක හිත තියලා නුබ දුරක ඈදුනා
රOචු ගෑහෙනා රෑනේ තනිකමක් දෑනුනා
අසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රෑදුනා



ඔබේ අහිංසක හිත් පොඩියට 
මම මහමෙරක් තරම් පෙම් බෑන්දා
ඒ ලස්සන හිත හිමි කර ගන්නට  
මදි  වෙන්නෑති මම පින් කෙරුවා 
 
පෙර භවයක ඔබ මගේම වෙන්නෑති 

එ නිසයි හිත ලෙන්ගතු මෙතරම්  
ඒ භවයෙම මම ඔබ රිදවන්නෑති 
අහුමිව යන්නට ඔබ මෙලෙසින්
 
පතනා හෑම දේ හෑමවිට නොලෑබෙයි  

පෑතුම ඔබ නිසයි දුක මෙතරම් 
එනමදු ඔබ පතනා හෑම සතුටම  
ඔබට ලෑබෙන්නයි පතනෙමි මO
 
එකම මලකට පෙම් කෙරුවේ 

සිත නොලෑබුනු මුත් ඒ මල සුවදයි  
ඒ මල් සුවද හිතින් දරාගෙන හෑමදාටම 
මO තනිවෙන්නම් හාව...


Thursday, June 6, 2013 at 7:57 AM , 0 Comments

දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන්


I Miss you Havi
දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන්
බොහෝ කල් ගත වුනත් ළං වෙන්න බෑ යලිත්
හුරු පුරුදු තනිකමින් හිත පෙගිලා සත්තකින්
වෑරෑද්දක් වුනා නම් සමාවෙනවද මගෙන්...//


හමුවන්න බෑරි ලෙසම දුරකට වුණත්
කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්...//
දැන වුන්නා නම් විදවන තරම්
සමුගන්නේ නැ මගෙ රත්තරන්

මියදෙන්න පෙර ආයේ මුණ ගෑහුනොතින්
හිනහෙන්න පෙර වගේ යන්තම් හොරෙන්...//

දැන වුන්නා නම් විදවන තරම්
සමුගන්නේ නැ මගෙ රත්තරන්


දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන්
බොහෝ කල් ගත වුනත් ළං වෙන්න බෑ යලිත්
හුරු පුරුදු තනිකමින් හිත පෙගිලා සත්තකින්
වෑරෑද්දක් වුනා නම් සමාවෙනවද මගෙන්...



හෙමි හෙමින් හමන
සුලO රෑල්ලක් දීගේවත්
සොදුරු උණුහුමක කෑටිවෙච්ච
සුසුදු සුවදක් හමා එනවද  කියලා
තමත් මම මග බලන්වා..
දුරින් දුරට..
නොපෙනෙන ඉසව්වකටම ඈදිලා ගිය
ඔයා...
අපහු එන්නේ නෑ කියල
හොදටම දෑන දෑන උනත්
තාමත පෙර මග බලන්නේ
මේ උහුලගන්න බෑරි තරම්....
ගින්දරක් හOගගෙන ඉන්න...
සුපෙම් හීන කන්දට....
 හුස්ම පොදක්වත් අරගන්න
ඉස්පාසුවක් ලබා දෙන්න....
අහස් තලය පුරාවට....
ඉගිලෙන්න ආස කරපු හෑගුම් පොකුරු
ඈවිදගන්නවත් පනක් නෑති වෙලා
එකම තෑන.....
ජිවිතේ යදින අන්තිම හුස්ම පොද
අරගන්න වලි කන මොහොතේදීන්
මතකය කුරුටු ගගා හොයන්නේ.....
නුබේ මතකය හාවී.....
ඈස් ඉස්මත්තේ කදුලු දෝරේ ගලද්දී
පපුව පුරාවට වේදනා පුපුරු ගහන්නේ
ඔයා වෙනුවෙන්න කෑපවෙචච හදවතේ
හෑම අOශු මාත්‍රයකම...
එකම් ඉල්ලීම
ඔයාව හින්දමයි....

Saturday, June 1, 2013 at 6:38 AM , 0 Comments

ඔබට නොහැක

I Miss you Havi


ඔබට නොහැක ..
මගෙ සෙවනට, එන්නට...
මටද නොහැක,
මල් විමන්, තනන්නට...
නමුදු සොදුරේ,
මේ සුවිසල් අහස යට...
අපෙ සුසුමත්, හමුවෙල මුමුනනු ඇත...

අතැගිලි නොබදෙන .....
තිත බැදි සෙනෙහස..
සසර පුරා ලග, ඉන්න අති..
ඒ අත් බවයෙත්,
මේ වාගෙම අපි..
හමු වී වෙන් වී,
යන්න ඇති..

හමු වී වෙන් වෙමු.....
සසර පුරුද්දට...
එකම සදේ සද, එලිය දකිනකොට...
ඉසුරුමුනිය පෙම් යුවල නොවේ අප...
හිනහෙමු කදුලැලි සහවා හිත යට...



ඔයාගේ ඇස් දෙකෙන් වැටෙන
හැම කදුලක්ම පිසදමා...
ආදරයෙන් ඉන්නම් ඔයා ලගම...
ඔයා හෙලන හැම සුසුමක්ම
ආදරයෙන් වැලදගෙන
තියා ගන්නම් මගේ ලගම...
තනිකම දැනෙන හැම මොහොතකම
ආදරයෙන් මම ඉන්නම්
ඔයා ලගම...
අනේ ඒ උනාට
මම ඔයා වෙනුවෙන් හෙලන කදුලු
පිසදාන්න ඔයා එන්නේ නෑ...
මම හෙලන සුසුම්
නැතිකරන්න ඔයාට ඔනී නෑ..
තනිකම පාලුව දැනෙන කොට
ඔයා මගේ ලග නෑ...
හෑබැයි කවදා හරි දවසක
ඔයාට හිතුනොත් ඔයා
මට ආදරෙයි කියලා...
එන්න මගේ ලගට
හැමදාම මම ඉන්නවා
ඔයා වෙනුවෙන්ම මගේ හාවී 
ඒ ආදරේ තියාගෙන....

Thursday, May 23, 2013 at 2:07 AM , 0 Comments

තනිකම හුරු දෙනෙත පුරා



I Miss you Havi

තනිකම හුරු දෙනෙත පුරා
උණු කදුලෑලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ
හමුවේවිද ආයේ....//


සිතු පැතුමක කදුලු තියා
මට නොකියම ඉවත ගියා
හිමි දුක පිස දමමි කියා
සමනලියක් තුරුළු වුනා
මහදේ ගලනා
මේ දුක තාම ඔබ දන්නේ නෑ....//  


තනිකම හුරු....

තනිවුන දුක මගෙම වෙලා
දින එක එක ගෙවිලා ගියා
ඔබ ආවත් හිනහ වෙලා
මගෙ හිත සනසන්න කියා
මහදේ ගලනා
මේ දුක තාම ඔබ දන්නේ නැ....//


තනිකම හුරු දෙනෙත පුරා
උණු කදුලෑලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ
හමුවේවිද ආයේ....//



මලක පෙති කොච්චර ලස්සනද
සමහර මල් වල සුවද ඒ මල් වලට තවත් ලස්සනක් ගෙනල්ලා දෙනව
ඒ මලේ සුවද සදා කාලිකයි කියල රෑවටෙන සමන්ල්ලු තව කොචචර ඈත්ද නේද
මතකේ තියනකම් එකම මල දිහා හුල්ල හුල්ල බලන් ඉදල
අන්තිමට සමනලයට කියන්නෙත් නෑතිව මල පරවෙලා යනව
ඒක කොච්චර අසාධාරණ උනත් ඒ මල ආයේ පිපෙන්නේ නෑ
ඉස්සර ආදරේ කරපු සුවද විතරමද ඉතිරි වෙන්නේ
ඈස් රිදෙනකම් බලන් ඉදල බලාපොරොත්තු කඩ උනාම
වෙන මලක් හොයාගෙන යන එකද කරන්න ඔනී
නෑත්තන් අකාලේ මෑරුනේ නෑත්නම් කවද හරි මෑරෙනකම්
ඒ සුවදට ආදරේ කරන්නද ඔනී
කවදාවත් ඒ මල ම ආයේ පිපෙන්නේ නෑද්ද
එහෙම වෙනවා නම් කොච්චර කාලයක් හරි
බලන් ඉන්න පුලුවම් එතකම්
මේ ආත්මේ පින් කරලා තියනවා නම් ඒක එහෙම්ම උනාවේ
පනට පන හරි පොරොන්දු වෙනෙවා සත්තයි
තාමත් මම බලන් ඉන්නවා
කවද හරි මේ සමනලයා බලන්න ඒයි කියල
පිපෙන්න පුලුවන්නම් මන් වෙනුවෙන්
තවත් බෑ උහුලන්න ඒකයි මෙචරම ඉල්ලන්නේ මගෙ හාවී  

Sunday, May 19, 2013 at 8:59 AM , 0 Comments

රැවටුනු තරම් ඔබ හින්ද මං


I Miss you Havi
රැවටුනු තරම් ඔබ හින්ද මං
කවුරුත්ම දන්නේ නෑ තවත්
කදුලක තරම් දැනුනා හොදින්
සමුගත්ත දා ඔයා මගෙන්
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදි කාරයා කියා...
වෙන්වී ගියත් රිදවා එදා...
අමනාප නැ වුනේ කිසිදා...

හැමදාම ඔබ මගේ පවසා
තුරුලේම උන් කාලේ පෙරදා
දෑනුනේම නැහැ ඔහුගේ කියලා
හිතුවේම ඔබෙ වෙන්න මතුදා
පිලිගන්න අදිමදි කලා ....
මගේ පණ ඈත යනු දැකලා...

හිත කීරි ගැහිලාම රිදුනා
ඔබ දන්නේ නැ නේද මෙවා
මට යන්න බැ මතක හැරදා
ඔය වාගේ දුර ඈත පියඹා
හිනහෙන්න අමතක වුනා...
මතක් වෙන වාරයක් පාසා...




මම දෙවියන්ගෙන් කවදාවත්
මගේ සතුට ඉල්ලුවේ නෑ... 
මම හෑමවෙලේම ඉල්ලුවේ 
ඔයාගේ සතුට...
ඒත් පුOචී දේකටත් ඔයාට 
ලොකු  වේදනා වක් දෑනෙනවා
ඔයාගේ සතුට තියෙන්නේ මන්
නෑති තෑන නම්... 
ඔයාගේ සතුට වෙනුවෙන් ඔයාගෙන් 
ඈතට යන්නම්... හෑබෑයි මම මගේ ආදරේ
කාටවත්ම දෙන්නේ නෑ...
ඈයි දන්නවාද ඈත්තටම ඔයගෙ 
සතුට තියෙන්නේ මන් ගාව 
කියලා ඔයාට වෑටහෙන දවසක් එන්වා 
සත්තයි...  
එදට මන් ගාවට ඈවිල්ලා මහ 
මෙරක් තරම් ආදරය 
දෙන්න පුලුවන් විදිහට 
ජීවත් වෙන්න 
මන් ඉල්ලනේ එච්චරයි 
මගේ හදවත ඔයාගෙමයි 
ඒ හදවත ඔයාටමයි 
මම ඔයාට මගේ පනටත් වඩා 
ආදරෙයි හාවී... 


Wednesday, May 15, 2013 at 9:30 AM , 1 Comment

පෙම් ලොව දුක්ගිනි මා හට ඈ දීලා

I Miss you Havi

පෙම් ලොව දුක්ගිනි මා හට ඈ දීලා
මා සිත හඬවා ඈ අද සැනසීලා
ආදර හැඟුමන් මා හට පෙන්නාලා
ආදර හැඟුමන් මා සිත ඇති කරලා .....

මුළු හදින්ම ඈ හට මා පෙම් කලේ
වෙන ලඳකට නෑ මා ආදරේ කලේ මේ ලෝකේ
ඇයිදෝ ඈ මට මෙලෙසින් පිටුපෑවේ //

සුන්දර පෙම්ලොවේ ඈ සසලයි දෝ ..
යෞවන පෙම්වතුන් මුලා කරයි දෝ .. //
මා මෙන් ඈ හට තවකෙකු රැවටේදෝ ....

මගේ හඬින්ම ඈ ගැන පෙම් ගී ගයා ..
මගේ අතින්ම ඈ ගැන පෙම් ගී ලියු පෙම් ලෝකේ ..
ඈ සැනසුවා මතකයි අද වාගේ ..

පෙම් ලොව දුක්ගිනි මා හට ඈ දීලා
මා සිත හඬවා ඈ අද සැනසීලා
ආදර හැඟුමන් මා හට පෙන්නාලා
ආදර හැඟුමන් මා සිත ඇති කරලා .....


පුංචිම දේත් දරාගන්න බැරි තරම්  
බොළද වෙන්නෙ ආදරේ වැඩිකමට මිසක්  
ආදරේ අදුනන්නැතිකමට නෙමෙයි...  
එකින් එක ආදරේ ගෙත්තම් කරපු ඔයාව  
මම මටත් වඩා විස්වාස කරනවා..

ඒ මගෙ ආදරේ...  
හිත කොච්චර රිදුණත්  
ආයෙමත් ඒ හිතම ඔයාවමයි හොයන්නේ  
අනේ මේ තරම් ආදරයක් මම පරිස්සම් කරන්නේ  
ඔයා වෙනුවෙන්...  
විතරමයි මගෙ හාවී ...

Monday, May 6, 2013 at 10:41 PM , 0 Comments

Listen to your heart

I Miss you Havi


I know there's something in the wake of your smile.
I get a notion from the look in your eyes, yea.

You've built a love but that love falls apart.
Your little piece of heaven turns too dark.


Listen to your heart
when he's calling for you.
Listen to your heart
there's nothing else you can do.
I don't know where you're going
and I don't know why,
but listen to your heart
before you tell him goodbye.


Sometimes you wonder if this fight is worthwhile.
The precious moments are all lost in the tide, yea.
They're swept away and nothing is what it seems,
the feeling of belonging to your dreams.


Listen to your heart
when he's calling for you.
Listen to your heart
there's nothing else you can do.
I don't know where you're going
and I don't know why,
but listen to your heart
before you tell him goodbye.



And there are voices
that want to be heard.
So much to mention
but you can't find the words.
The scent of magic,
the beauty that's been
when love was wilder than the wind.


Listen to your heart
when he's calling for you.
Listen to your heart
there's nothing else you can do.
I don't know where you're going
and I don't know why,
but listen to your heart
before you tell him goodbye.

Listen to your heart
when he's calling for you.


Listen to your heart
there's nothing else you can do.
I don't know where you're going
and I don't know why,
but listen to your heart
before you tell him goodbye.

Sunday, April 28, 2013 at 10:06 AM , 0 Comments