ඔබට නොහැක

I Miss you Havi


ඔබට නොහැක ..
මගෙ සෙවනට, එන්නට...
මටද නොහැක,
මල් විමන්, තනන්නට...
නමුදු සොදුරේ,
මේ සුවිසල් අහස යට...
අපෙ සුසුමත්, හමුවෙල මුමුනනු ඇත...

අතැගිලි නොබදෙන .....
තිත බැදි සෙනෙහස..
සසර පුරා ලග, ඉන්න අති..
ඒ අත් බවයෙත්,
මේ වාගෙම අපි..
හමු වී වෙන් වී,
යන්න ඇති..

හමු වී වෙන් වෙමු.....
සසර පුරුද්දට...
එකම සදේ සද, එලිය දකිනකොට...
ඉසුරුමුනිය පෙම් යුවල නොවේ අප...
හිනහෙමු කදුලැලි සහවා හිත යට...



ඔයාගේ ඇස් දෙකෙන් වැටෙන
හැම කදුලක්ම පිසදමා...
ආදරයෙන් ඉන්නම් ඔයා ලගම...
ඔයා හෙලන හැම සුසුමක්ම
ආදරයෙන් වැලදගෙන
තියා ගන්නම් මගේ ලගම...
තනිකම දැනෙන හැම මොහොතකම
ආදරයෙන් මම ඉන්නම්
ඔයා ලගම...
අනේ ඒ උනාට
මම ඔයා වෙනුවෙන් හෙලන කදුලු
පිසදාන්න ඔයා එන්නේ නෑ...
මම හෙලන සුසුම්
නැතිකරන්න ඔයාට ඔනී නෑ..
තනිකම පාලුව දැනෙන කොට
ඔයා මගේ ලග නෑ...
හෑබැයි කවදා හරි දවසක
ඔයාට හිතුනොත් ඔයා
මට ආදරෙයි කියලා...
එන්න මගේ ලගට
හැමදාම මම ඉන්නවා
ඔයා වෙනුවෙන්ම මගේ හාවී 
ඒ ආදරේ තියාගෙන....

Thursday, May 23, 2013 at 2:07 AM

0 Comments to "ඔබට නොහැක "

Post a Comment