පෙම් ලොව දුක්ගිනි මා හට ඈ දීලා

I Miss you Havi

පෙම් ලොව දුක්ගිනි මා හට ඈ දීලා
මා සිත හඬවා ඈ අද සැනසීලා
ආදර හැඟුමන් මා හට පෙන්නාලා
ආදර හැඟුමන් මා සිත ඇති කරලා .....

මුළු හදින්ම ඈ හට මා පෙම් කලේ
වෙන ලඳකට නෑ මා ආදරේ කලේ මේ ලෝකේ
ඇයිදෝ ඈ මට මෙලෙසින් පිටුපෑවේ //

සුන්දර පෙම්ලොවේ ඈ සසලයි දෝ ..
යෞවන පෙම්වතුන් මුලා කරයි දෝ .. //
මා මෙන් ඈ හට තවකෙකු රැවටේදෝ ....

මගේ හඬින්ම ඈ ගැන පෙම් ගී ගයා ..
මගේ අතින්ම ඈ ගැන පෙම් ගී ලියු පෙම් ලෝකේ ..
ඈ සැනසුවා මතකයි අද වාගේ ..

පෙම් ලොව දුක්ගිනි මා හට ඈ දීලා
මා සිත හඬවා ඈ අද සැනසීලා
ආදර හැඟුමන් මා හට පෙන්නාලා
ආදර හැඟුමන් මා සිත ඇති කරලා .....


පුංචිම දේත් දරාගන්න බැරි තරම්  
බොළද වෙන්නෙ ආදරේ වැඩිකමට මිසක්  
ආදරේ අදුනන්නැතිකමට නෙමෙයි...  
එකින් එක ආදරේ ගෙත්තම් කරපු ඔයාව  
මම මටත් වඩා විස්වාස කරනවා..

ඒ මගෙ ආදරේ...  
හිත කොච්චර රිදුණත්  
ආයෙමත් ඒ හිතම ඔයාවමයි හොයන්නේ  
අනේ මේ තරම් ආදරයක් මම පරිස්සම් කරන්නේ  
ඔයා වෙනුවෙන්...  
විතරමයි මගෙ හාවී ...

Monday, May 6, 2013 at 10:41 PM

0 Comments to "පෙම් ලොව දුක්ගිනි මා හට ඈ දීලා"

Post a Comment