මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ


I Miss u Havi

මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්



නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟකෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම්
හිත හඬන තරම් ඔබ දන්නවනම් තව කඳුලු දිදී රිදවන්නෑ
මා දැවෙන තරම් ඔබ දන්නෑ

මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්


නොමියෙන මල් මතක පෙති එක එක බිඳ දැමුව හැටි
නෙතු අග තෙත රැඳුනෙ නිති මගෙ වරදම වෙන්න ඇති
හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම් තව කඳුලු කතා පවසන්නෑ
මේ කඳුලු මගෙ දැන් දුක නෑ

මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්


මගේ පුංචි කෙල්ලේ
කියන්න මට
කවදාද ඔයාගේ හිනාව ඉස්සර වගේ
දකින්නේ මං….
ඉස්සර හිනා වුන හැටි මතක් වෙන හැම වෙලාවෙම
අහිංසක කඳුලක් නෙතඟ තෙමන හැටි
කියන්නේ කොහොමද මං….
ඔයාගේ හිනාවක් දකින්න
ඔයත් එක්ක හිනා වෙන්න
ගත වන හැම මොහොතකම
හැම නිමේශයකදිම
මගේ දුක තදකරන් ඔයා ළඟින්මයි….
ගතේ ලෙඩකට වඩා
හිතේ ලෙඩට බෙහෙත් හොයන එක
හරිම අමාරුයි තමා
මම දන්නවා රත්තරං….
ඒත් ඒ හිනාව වැඩි ඈතක නැති බව
හොඳාකාරවම දන්නවා මං...
පුරුදු පරිදි හිනා වෙන ඒ දවස එනකම්
ඉන්නවා මං බලාගෙන....

Thursday, July 12, 2012 at 4:03 AM

0 Comments to "මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ"

Post a Comment