ජයටැඹ කරා අබිමන් හොවා

ජයටැඹ කරා අබිමන් හොවා
විරුවන් ලෙසින් ඇදෙනා
රුපු තෙද බිඳා සුරුකුම් දරා
සිංහයන් නමින් දිව් රා..
රන් රුවන් බැඳි අසිපතක් ගෙන
මුළු ලෝකයක් පරදා
සියවරක් නොව දසවරක් තව
මේ දේශයම දිනවා...

නිලඹර පුරා ඇඳි රූ රටා

මැවූ ජයදද අද නුඹේ
වංකගිරියෙන් හමන සුලඟේ
රැඳුනු ජය ගී අද නුඹේ
අසනි වැසි හඬගා හඬද්දී
පෑයු රන් හිරු සේ
නුඹේ නාමෙන් මේ යදින්නේ
ජය පතා දේශයේ...

දේශයේ ජය කොඩි දරා

මේ සක් සියක් සේනා
ඔද වැඩූවද සන්තොසින්
සෙනවින් නුඹයි රකිනා
සිංහයන් නම පෙළහරින්
නෙක හරඹයන් මවලා
සකි සඳේ පවසම් මෙසේ
දිනවම් අපේ ලංකා..

Thursday, February 3, 2011 at 3:45 AM

0 Comments to "ජයටැඹ කරා අබිමන් හොවා"

Post a Comment