නොවිදිනා දුක් වින්ද තරම් ඔබ හින්දා

I Miss You Havi

නොවිදිනා දුක් වින්ද තරම් ඔබ හින්දා
බෑ දරාගන්න ජීවිතේ
බොද වෙලා නෙතු හැඩුව තරම් ඔබ හිනදා
බෑ හදා ගන්න හිත මගේ
ඔබ නමින් මා පැතුව පැතුම් සුන් වීලා
සුළගේ පාවීලා ගිහින් මා
නොමෑරීම මැරි මැරි හිනහුනා


කොහොම හැඩුවත් දුක් වෙවී
මගේ නොවන බව මා දනී
සැවොම සනසන්න හිනහුනී
මගේ හිත තවම ඉකි බිදී
ඔබට මා පෙම් කෙරුව හදින් සුභ පතමි
ඔබෙ නමින් මතු සදා හිදිමි මා
තනිවුනු මතකයෙහි තනිවෙලා 


ආදරේ මට පෙනි පෙනි
ඈතට ම යයි ඈදි ඈදී
දුක නිවා ගන්න වෙහෙසුනී
මගේ හිත තවම ගිනිගනී
ඔබට මා පෙම් කෙරුව හදින් සුභ පතමි
ඔබෙ නමින් මතු සදා හිදිමි මා
තනිවුනු මතකයෙහි තනිවෙලා 



ඔයාගේ ඇස් දෙකෙන් වැටෙන
හැම කදුලක්ම පිසදමා...
ආදරයෙන් ඉන්නම් ඔයා ලගම...
ඔයා හෙලන හැම සුසුමක්ම
ආදරයෙන් වැලදගෙන
තියා ගන්නම් මගේ ලගම...
තනිකම දැනෙන හැම මොහොතකම
ආදරයෙන් මම ඉන්නම්
ඔයා ලගම...
අනේ ඒ උනාට
මම ඔයා වෙනුවෙන් හෙලන කදුලු
පිසදාන්න ඔයා එන්නේ නෑ...
මම හෙලන සුසුම්
නැතිකරන්න ඔයාට ඔනී නෑ..
තනිකම පාලුව දැනෙන කොට
ඔයා මගේ ලග නෑ...
හෑබැයි කවදා හරි දවසක
ඔයාට හිතුනොත් ඔයා
මට ආදරෙයි කියලා...
එන්න මගේ ලගට
හැමදාම මම ඉන්නවා
ඔයා වෙනුවෙන්ම මගේ හාවී 
ඒ ආදරේ තියාගෙන....

Wednesday, July 17, 2013 at 11:21 AM

0 Comments to "නොවිදිනා දුක් වින්ද තරම් ඔබ හින්දා "

Post a Comment