කදු පාමුල සිට දැහැනට සමවැද

I Miss You Havi
කදු පාමුල සිට දැහැනට සමවැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සද කිදුරුලියේ

ම්ටියාවත් කදු ශිඛර සිසාරා
සද බැස යන තුරු අවර වන පෙතේ
ඔබ කිව් රහසින් මා සැලුනේ නැත
ඔබ අන් සතු බව මම දැන සිටියෙම්

ඇල දොල ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල් මෙන් මා සැලුනේ නැත
ඔබ අන් සතු බව මම දැන සිටියෙම්


කදු පාමුල සිට දැහැනට සමවැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සද කිදුරුලියේ



ඔයාගේ ඇස් දෙකෙන් වැටෙන
හැම කදුලක්ම පිසදමා...
ආදරයෙන් ඉන්නම් ඔයා ලගම...
ඔයා හෙලන හැම සුසුමක්ම
ආදරයෙන් වැලදගෙන
තියා ගන්නම් මගේ ලගම...
තනිකම දැනෙන හැම මොහොතකම
ආදරයෙන් මම ඉන්නම්
ඔයා ලගම...
අනේ ඒ උනාට
මම ඔයා වෙනුවෙන් හෙලන කදුලු
පිසදාන්න ඔයා එන්නේ නෑ...
මම හෙලන සුසුම්
නැතිකරන්න ඔයාට ඔනී නෑ..
තනිකම පාලුව දැනෙන කොට
ඔයා මගේ ලග නෑ...
හෑබැයි කවදා හරි දවසක
ඔයාට හිතුනොත් ඔයා
මට ආදරෙයි කියලා...
එන්න මගේ ලගට
හැමදාම මම ඉන්නවා
ඔයා වෙනුවෙන්ම මගේ හාවී 
ඒ ආදරේ තියාගෙන....

Wednesday, April 10, 2013 at 11:18 AM

0 Comments to "කදු පාමුල සිට දැහැනට සමවැද"

Post a Comment