ගිමන් හරින දියඹ දිගේ


I Miss you Havi

ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩසි සඳට
රහස් කියනවා...
සඳ ආදරයෙන් අහස පුර
ර‍ටා මවනවා...


හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු
ආදරයද මේ...
හිරු රහසේ කියා දුන්නු
ආදරයද මේ...



නිල් කටරොළු නිල නැහැවුනු

මල් බර මුදු සුව ‍රැඳවුන
තොල් පෙති කන් පලදාලන
ආදරයද මේ...
නුඹ රහසේ කියාදුන්නු
ආදරයද මේ...




නුඹ යන්න ගිහින්
දුක් කදුලු දෙමින්
මා මැව්ව සිහින
බොද කර දමමින්.....


නෙතු පියන් අගට
කදුලක් ඇවිදින්
හිත රහසෙම හැඩුවා
ලොවට හොරෙන්...


පෙර දින මා නුඹ ලග
හිද විලසින්
අද තවකෙකු ඇත
ඔබේ ආදරය ලබමින්....


වෙනත් පෙමක් පතා
ඔබ යන්න ගියත්
මගේ ලොවම නුඹයි හාවී
මා මියෙන තුරත්....

Wednesday, April 17, 2013 at 7:44 AM

0 Comments to "ගිමන් හරින දියඹ දිගේ"

Post a Comment