සන්සුන් හසුන් ගමන විල්ලුද දෙපා

සන්සුන් හසුන් ගමන විල්ලුද දෙපා
නිල්වන් නුවන් බෑල්ම මා සිත දවා
රන්වන් කොපුල් සදුගෙ රුව පරදවා
නා දලු දෙතොල් සගල ඉගි බිගි කලා...//

රෑ නින්ද මගෙන් හොරකම් කලා
සිහින සරසලා තුරුලට වරෙන්
පෙම් ඔටුනු පලදලා රන්වන් එරන්
නොදෑනීම නුබ මගෙන් හදවත අරන්..//


සන්සුන් හසුන් ගමන විල්ලුද දෙපා
නිල්වන් නුවන් බෑල්ම මා සිත දවා
රන්වන් කොපුල් සදුගෙ රුව පරදවා
නා දලු දෙතොල් සගල ඉගි බිගි කලා



සුදු පිච්ච මල් මාල වරලස ගෙතු
නුබ වේය සුර අගන සිගිරී බිතු
කුලුදුල්ම මුදු කුසුම වී මා සතු
සද කිරන නුබ මගේ හදවත පෑතු..//


සන්සුන් හසුන් ගමන විල්ලුද දෙපා
නිල්වන් නුවන් බෑල්ම මා සිත දවා
රන්වන් කොපුල් සදුගෙ රුව පරදවා
නා දලු දෙතොල් සගල ඉගි බිගි කලා

Monday, April 18, 2011 at 3:47 AM

0 Comments to "සන්සුන් හසුන් ගමන විල්ලුද දෙපා"

Post a Comment